brand logo

ඉමදුවේ සංස්කෘතිය මුරකරුවෙකුට පවරලා

14 August 2018

ඉමදුව ප්‍රාදේශීය සම්බන්ධිකරණ කමිටු රැස්වීමට ඉමදුව සංස්කෘතික මධ්‍යස්ථානය නියෝජනය කරමින් නිලධාරින් සහභාගි නොවී ආරක්ෂක අංශයේ නිලධාරියකු සහභාගි වීම නිසා ඊයේ පැවති  (13)  රැස්වීමේ උණුසුම් තත්ත්වයක් ඇතිව තිබේ. පැමිණ සිටි මුරකරු එම මධ්‍යස්ථානයේ ඇති වු ප්‍රශ්ණ සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් නොදැන සිටීම නිසා දැඩි ගැටලුවක් ඇති විය. කමිටුවේ සභාපති නීතිඥ තාරක නානායක්කාර මහතා සදහන් කළේ වගකිවයුතු නිලධාරියෙකු  සම්බන්ධීකරණ රැස්වීමට සහභාගි කිරීමට ඉමදුව සංස්කෘතික මධ්‍යස්ථානයේ නිලධාරින්ට නොහැකි විම සම්බන්ධයෙන් වහාම විනය පරික්ෂණයක් සිදු කළ යුතු බවයි.  
 

More News..