brand logo

ඉඳුරුව ගල්කන්ද පුරාණ විහාරාධිපති කපාකොටා ඝාතනය කරලා

30 June 2020

ඉඳුරුව ගල්කන්ද විජයධර්ම පුරාණ විහාරාධිපති හා ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකායේ බෙන්තර ප්‍රාදේශීය සංඝ උපාධ්‍යාය විනයාචාර්ය පිරිවෙන් විහාරාධිපති යටියන බුද්ධානන්ද හිමියන් (73) නාඳුනන පිරිසක් විසින් පෙරේදා (28වැනිදා) රාත්‍රියේ තියුණු ආයුධවලින් කපාකොටා පහරදී ඝාතනය කර තිබේ. දෑත් දෙක ගැට ගසා ඝාතනය කර තිබූ එම හිමියන්ගේ සිරුර පසුදින උදෑසන 10ට පමණ විහාරස්ථානයේ වැඩවසන හිමිවරුන් දැක අසල්වාසීන්ගේද සහයෙන් කොස්ගොඩ පොලිසියට දැනුම් දී තිබේ.
අම්බලන්ගොඩ පොලිසියේ නිල සුනඛ අංශයේ සාරා නම් සුනඛයා ද යොදාගෙන වැඩිදුර පරීක්ෂණ කළත් මේ වනතුරු ඝාතකයන් පිළිබඳ තොරතුරක් සොයා ගැනීමට අපොහොසත් වූ බව කොස්ගොඩ පොලිසිය පවසයි.
 

More News..