brand logo

ඉඳුනිල් සහ ගයන්තිකා අද මීටර 800 අවසන් සටනේ

28 August 2018

  ආසියානු ක‍්‍රීඩා උළෙලේ ශ‍්‍රී ලංකාවට පදක්කම් බලාපොරොත්තු එක්කර තිබෙන ඉඳුනිල් හේරත් සහ ගයන්තිකා අබේරත්න සහභාගී වන මීටර් 800 ඉසව්වේ අවසන් තරග අද (28) පැවැත්වේ. එම කාන්තා තරගය ශ‍්‍රී ලංකා වේලාවෙන් අද ප.ව. 6.00 ටත්, පිරිමි තරගය අද ප.ව. 6.10 ටත් පැවැත්වීමට නියමිතය. මූලික වටයේ තරගයේදී විනාඩි 1.47.54 කාලයකින් තරගය නිමා කළ ඉඳුනිල් අවසන් තරගයට සුදුසුකම් ලත් ක‍්‍රීඩකයින්ගේ කාල ගණනයට අනුව මේ වනවිට තෙවැනි ස්ථානයේ පසුවේ. අවසන් තරගයේදී ගයන්තිකාට (විනාඩි 2.06.31) හිමිව ඇත්තේ කාල ගණනයට අනුව ක‍්‍රීඩිකාවන් අතර 6 වැනි ස්ථානයයි. මීට අමතරව මීටර් 200 කාන්තා මූලික වටයේ තරගයෙන් තත්. 23.79 ක කාලයක් වාර්තා කරගනිමින් අවසන් පූර්ව වටයේ ස්ථාන වෙන්කර ගැනීමට රුමේෂිකා රත්නායක සමත් වූවාය. ඇය මෙම දක්ෂතාව දැක්වූයේ 8 වැනි මංතීරුවේ තරග වඳිමිනි. එම ඉසව්වේ අවසන් පූර්ව තරගය ශ‍්‍රී ලංකා වේලාවෙන් අද ප.ව. 5.20 ට පැවැත්වේ.
 

More News..