brand logo

ඉන්ධන මිල වහාම වැඩි කරන්නැයි ඉල්ලීමක්

15 January 2020

වහාම ඉන්ධන මිල වැඩි කිරීම හෝ  නොඑසේ නම් ඉන්ධන ආනයනයේදී අය කරන බදු අඩු කළ යුතු බව ඛනිජතෙල් සංස්ථාව ඉහළ නිලධාරීන් විදුලි බල හා බලශක්ති ඇමැති මහින්ද අමරවීරට අවධාරණය කර ඇත. ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල ඉහළ යාම හේතුවෙන් සෑම ඉන්ධන ලීටරයකින්ම රුපියල් දහයක පාඩුවක් සිදුවන බව ඛනිජතෙල් සංස්ථාව විදුලි බල සහ බලශක්ති අමාත්‍යාංශයට ඊයේ (14 වැනිදා) දැනුම් දී ඇත. ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල ඉහළ යාම සහ ක්‍රියාත්මක කළ යුතු කඩිනම් ක්‍රියාමාර්ග පිළිබඳව ඇමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් විශේෂ රැස්වීමක් පැවැත්විණි. එම රැස්වීමේදී ඛනිජ තෙල් සංස්ථා නිලධාරීන් ප්‍රකාශ කළේ පෙට්‍ර්ල් බැරලයක් ලෝක වෙළෙඳපොළේ ඩොලර් 8කින් වැඩි වී ඇති බවයි. ඩීසල් බැරලය ඩොලර් 8.5කින් වැඩි වී ඇත. භූමිතෙල් බැරලයක් ඩොලර් 5කින්ද සුපරි ඩීසල් බැරලයක් ඩොලර් 6කින්ද ලෝක වෙළෙඳපොළේ ඉහළ ගොස් තිබේ. ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් මිල සංශෝධනයක් සිදුවී නොමැති බව මෙහිදී අනාවරණය විය. කෙසේ වෙතත් මෙහිිදී අමාත්‍යවරයා අවධාරණය කර  ඇත්තේ ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල වැඩි වුවද එමගින් ශ්‍රී ලාංකික ජනතාව පීඩාවට ලක් කිරීමේදී සූදානමක් නොමැති බවයි. උදයජීව ඒකනායක
 

More News..