brand logo

ඉන්ධන මිල ඉහළ දැම්මැයි ලබන සතියේ ගම්මන්පිලට විශ්වාසභංගයක්

16 June 2021

ජනතාවට දරාගත නොහැකි ලෙස ඉන්ධන මිල ඉහළ නැංවීම සම්බන්ධයෙන් බලශක්ති ඇමැති උදය ගම්මන්පිල වගකිවයුතු බව සඳහන් කරමින් විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කිරීමට සමගි ජන බලවේගය ඊයේ (15 වැනිදා) තීරණය කර ඇත. විපක්ෂනායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් විපක්ෂ නායක කාර්යාලයේ පැවැති පක්ෂ මන්ත්‍රීවරුන්ගේ රැස්වීමේදී මෙම තීරණය ගෙන ඇත. ලබන සතියේ පාර්ලිමේන්තුව රැස්වන 22 හෝ 23 වැනිදා විශ්වාසභංග යෝජනාව කථානායක මහින්ද යාපා අබේවර්ධනට භාරදීමට නියමිතය. ඉන්ධන මිල ඉහළ දැමීමට අමතරව පොහොර හිඟය සහ කොවිඩ් තත්ත්වය පිළිබඳවද මෙම රැස්වීමේදී සාකච්ඡා කර තිබේ. උදයජීව ඒකනායක
 

More News..