brand logo

ඉන්ධන මිල අද රාත්‍රීයේ සිට පහළට

17 July 2022

ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රු. 20කින් අඩු කෙරේ

සිපෙට්කෝ ඉන්ධන මිල අද (10) සිට පහළ දැමීමට තීරණය කර තිබේ. ඒ අනුව, ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 20කින් අඩු කිරීමට තීරණය කර ඇත. ඒ අනුව එහි නව මිල රුපියල් 450ක් වේ. ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 10කින් අඩුකිරීමට තීරණය කර ඇති අතර, ඒ අනුව එහි නව මිල රුපියල් 540ක් වනු ඇත. මීට අමතරව ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 20කින් අඩු කෙරෙනු ඇත. ඒ අනුව එහි නව මිල රුපියල් 440ක් වේ. ලංකා සුපිරි ඩීසල් 4 ස්ටාර් යුරෝ 4 වර්ගයේ ඉන්ධන ලීටරයක මිල රුපියල් 10කින් අඩු කර ඇත. එහි නව මිල රුපියල් 510ක් වේ.
 

More News..