brand logo

ඉන්ධන පිරවුම් හල් අසල දිගු වාහන පෝලිම්

21 October 2021

අද රෑ ඉන්ධන මිල ඉහළ යනවා යැයි ආරංචියක්

මේ වන විට දිවයින පුරා බොහෝ ඉන්ධන පිරවුම් හල් අසල දිගු වාහන පෝලිම් දක්නට ලැබෙන බව වාර්තා වේ. අද(21) සවස හිටි හැටියේ වාර්ධනය වූ මේ තත්ත්වය නිසා ඉන්ධන පිරවුම් හල් වල ගබඩා හිස් වී ඇති අතර ඉන්ධන පිරවුම් හල් හිමියන් වැඩි වැඩියෙන් ඉන්ධන ඇනවුම් කිරීමට පෙලඹී ඇත. බෝහෝ වාහන හිමියන් සිය වාහන ටැංකි පිරෙන්නම ඉන්ධන ලබා ගන්නා අතර හදිසියේ කරන තෙල් මිල ඉහළ යාමක් ගැන තමන්ට දැනගන්නට ලැබුණු බැවින් තමන් මෙලෙස පැමිණි බව එක් පුද්ගලයකු පොම්පකරුවකු හා පවසා ඇති බව ආරංචිමාර්ග සඳහාන් කරයි.
 

More News..