brand logo

ඉන්ධන අර්බුදය බන්ධනාගාරවලටත් බලපායි

03 July 2022

රිමාන්ඩ් සිරකරුවන් බන්ධනාගාරවලට රැගෙන යන්න විදියක් නෑ

ඉන්ධන අර්බුදය හේතුවෙන් බන්ධනාගාරවල කටයුතු පවත්වාගෙන යාමේ දි බන්ධනාගාර නිලධාරින් ගැටළු රැසකට ලක්ව ඇති බව බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරයි. බන්ධනාගාර බස්රථ සඳහා ඉන්ධන ලබාගන්නා ඉන්ධන පිරවුම්හල් සදහා ඉන්ධන නොලැබීම නිසා මෙම තත්ත්වය උදාවී ඇති බවත් ඉන්ධන ලබාගැනිමට නොහැකිවිමෙන් ඇතැම් බන්ධනාගාර තුළ ඇති බස්රථ බන්ධනාගාර භුමියේ ගාල් කොට ඇති බවත් බන්ධනාගාර ආරංචි මාර්ග සදහන් කරයි. මෙම තත්ත්වය නිසා අධිකරණ මගින් රක්ෂිත බන්ධනාගාරගත කරනු ලබන රිමාන්ඩ් සිරකරුවන් බන්ධනාගාර වලට රැගෙන ඒමේදී බන්ධනාගාර නිලධාරින් ගැටළු රැසකට මුහුණදී ඇති අතර සායන සඳහා බන්ධනාගාර රැදවියන් රැගෙන යාමටද නොහැකි තත්වයක් උදාවී ඇත. බන්ධනාගාර සතු බස් රථ සදහා ඉන්ධන ලබාදිමට නිසි ක්‍රමවේදයක් සකස්කොට නොමැති බවද බන්ධනාගාර ආරංචි මාර්ග සදහන් කරයි. ඉන්ධන අර්බුදය හමුවේ බන්ධනාගාර නිලධාරින් ජේලර්වරු නියාමකවරු ඇතුළ සේවකයින් රාජකාරියට වාර්තා කිරිමේ දි ගැටළු රැසකට ලක්ව සිටිති. බන්ධනාගාර නිලධාරින් ජේලර්වරු හා නියාමකවරු අත්‍යවශ්‍ය සේවාවක් ලෙස නම්කොට නොමැත. මේ පිළිබද බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායකගෙන් අප කළ විමසුමකදි මෙසේ කීවේය. ''ඉන්ධන අර්බුදය කාටත් පොදු ප්‍රශ්නයක්. නමුත් ඉන්ධන සිමා කරගෙන බන්ධනාගාරවල වැඩකටයුතු කරගෙන යනවා. කොහොම හරි වැඩේ කරගෙන යනවා. ගැටළු තිබුනත් කළමණාකරණය කරගනිමින් බන්ධනාගාර කටයුතු කරගෙන යනවා. බන්ධනාගාර මහත්වරුන්ට ඉන්ධන පිරවුම්හල්වලින් ඉන්ධන ලබාදිම සදහා ප්‍රමුඛත්වය ලබාදෙන්න කියලා කියලා අපි දන්වලා තියෙනවා. රිමාන්ඩ් වන සිරකරුවන් පොලිසිය මගින් තමයි බන්ධනාගාරවලට රැගෙන යන්නේ. බන්ධනාගාරවල සිටින රැදවියන් අධිකරණය වෙත රැගෙන යන්නේ නැහැ විඩියෝ තාක්ෂණයෙන් තමයි එම කටයුතු කරගෙන යන්නේ'' අක්මීමන එච් එම් සමන්
 

More News..