brand logo

ඉන්දු - ශ්‍රී ලංකා යුධ අභ්‍යාසයක් අද ඇරඹේ...

07 September 2018

ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ඉන්දීය නාවික හමුදාව අතර ඒකාබද්ධ යුධ අභ්‍යාසයක් අද (07) ත්‍රිකුණාමලයේදී ආරම්භ වෙයි. ලබන 13 දින දක්වා මෙම යුධ අභ්‍යාසය පැවැත්වෙන අතර මේ වන විට ඒ සදහා ඉන්දීය යුද නැව් 3ක්, ගුවන් යානා හා හෙලිකොප්ටර් මෙරටට පැමිණ තිබේ. මේ සදහා ශ්‍රී ලංකා නාවුක හමුදාවට අයත් සයුර, සාගර සහ සමුදුර යන යුධ නෞකාවන්ද එක්වීමට නියමිතය. දෙරටේ නාවික හමුදාවන් අතර අන්තර් ක්‍රියාකාරකම් ඉහළ දැමීම සාගර කටයුතු සම්බන්ධයෙන් සහයෝගීතාව වර්ධනය කර ගැනීම මෙම ඒකාබද්ධ යුද අභ්‍යාසයේ අරමුණු වෙයි. ‍සෑම වසර 2කට වරක්ම පැවති මෙම අභ්‍යාසය මේ වසරේ සිට වාර්ෂිකව සංවිධානය කිරීමටද නියමිතය.
 

More News..