brand logo

ඉන්දු - ලංකා හිටපු ක්‍රීකට් තරු මුම්බායි පිටියේ යලිත් සටනට

10 March 2020

ඉන්දිය ක්‍රීකට් ප්‍රවීණයන්ගේ කණ්ඩායම සහ ශ්‍රී ලංකා ක්‍රීකට් ප්‍රවීණයන්ගේ කණ්ඩායම අතර පන්දුවාර විස්සයි විස්ස ක්‍රීකට් තරගයක් අද පැවැත්වෙනවා. මුම්බායිහිදී පැවැත්වෙන තරගය ශ්‍රී ලංකා වෙලාවෙන් පස්වරු 07 ට ආරම්භ වීමට නියමිතයි. ශ්‍රී ලංකා කණ්ඩායම හිටපු සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක ටී එම් ඩිල්ෂානගේ නායකත්යෙන් සහ ඉන්දිය කණ්ඩායම සුපිරි පිතිකරු සචින් ටෙන්ඩුල්කාර්ගේ නායකත්වයෙන් තරග වදිනවා. ප්‍රවීණයන්ගේ විස්සයි විස්ස තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ ඉදිරියෙන් පසුවන්නේ ඉන්දියාවයි. ඉන්දිය ප්‍රවීණයන් කොදෙව් ප්‍රවීණයන් පරාජය කළ අතර ශ්‍රී ලංකා ක්‍රීකට් ප්‍රවීණයන්ගේ කණ්ඩායම හමුවේ ඔසටේ්‍රලියානු ක්‍රීකට් ප්‍රවීණයන්ගේ කණ්ඩායම පරාජයට පත්වුණා. දකුණු අප්‍රිකාණු ක්‍රීකට් ප්‍රවීණයන්ගේ කණ්ඩායම තවම කිසිදු තරගයකට සහභාගි වී නැහැ.
 

More News..