brand logo

ඉන්දුනීසියාවේ භූ කම්පනයකින් 30ක් මරුට

15 January 2021

    ඉන්දුනීසියාවේ සුලවේසි දූපත ආසන්නයේ ඊයේ (14) මධ්‍යම රාත්‍රියේ රිච්ටර් මාපාංක 6.2ක ප්‍රබල භූ කම්පනයක් සිදුව තිබේ. අදාල භූ කම්පනය හේතුවෙන් 30දෙනකු පමණ මියගොස් ඇතැයි වාර්තා වේ. කම්පනයෙන් සිදුවූ අනතුරු හේතුවෙන් 100කට අදික පිරිසක් තුවාල ලබා ඇති බවත් දහස් ගනනක පිරිසක් අවතැන්වී ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. එසේම මාමුජු නගරයේ රෝහලක කොටසක් කඩා වැටීමෙන් රෝගීන් 06 දෙනෙකු සහ ඔවුන්ගේ පවුල් වල කිහිප දෙනෙකු සිරවී සිටින බව එරට මාධ්‍ය වාර්තා සඳහන් කර තිබේ. භූ කම්පනය ඇතිව තිබෙන්නේ මැජීන් නගරයට කිලෝමීටර් හයක් ඊසාන දෙසින් හා කිලෝමීටර් 10ක් ගැඹුරින් බව සඳහන් වනවා. සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර නොමැති නමුත් දහස් ගණන් පිරිස් සිය නිවාස අතහැර පලායන බව පැවසේ. එසේම එරට වාර්තා කරුවන් සඳහන් කරන්නේ ආණ්ඩුකාර කාර්යාලය හා වෙළඳ සංකීර්ණයක් දරුණු ලෙස හානියට පත්ව ඇති බවයි. තවත් ප්‍රබල කම්පන ඇතිවිය හැකි බවට අනතුරු අඟවා ඇති අතර සුන්බුන් වලට යටවී තවත් පිරිස් සිටිය හැකි බවද සඳහන් වනවා.  
 

More News..