brand logo

ඉන්දුනීසියාවේ බණ්ඩා මුහුද ආශ්‍රිතව ප්‍රබල භූ කම්පනයක්

24 June 2019

ඉන්දුනීසියාවේ බණ්ඩා මුහුද ආශ්‍රිතව මැග්නිටියුඩ් ඒකක 7 .3 ප්‍රබල භූ කම්පනයක් හටගෙන තිබේ. අමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණ ඒකකය සඳහන් කළේ මෙහි බලපෑම ඕස්ට්‍රේලියාව වෙත ද දැනී ඇති බවයි. කෙසේ වෙතත් භූමි කම්පාව හේතුවෙන් මෙතෙක් සුනාමි අනතුරු ඇඟවීම් නිකුත්කර නොමැත. භූ කම්පනයෙන් ශ්‍රී ලංකාවට බලපෑමක් නැතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
 

More News..