brand logo

ඉන්දීය සංචාරය සදහා ශ්‍රී ලංකා පන්දුවාර විස්ස සංචිතය නම් කෙරේ

01 January 2020

ඉන්දියාවේ පැවැත්වීමට නියමිත පන්දුවාර විස්ස තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ. ක්‍රීඩකයින් 16දෙනෙකුගෙන් සමන්විත මෙම සංචිතයේ නායකයා ලසිත් මාලිංග වන අතර, එම සංචිතයට ක්‍රීඩා අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාගේ අනුමැතිය හිමිව ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කරයි. මෙම තරගාවලියට පන්දුවාර විස්ස තරග තුනක් ඇතුළත් වේ. ශ්‍රී ලංකා සංචිතය පහතින් වේ.... ලසිත් මාලිංග - නායක ධනුෂ්ක ගුණතිලක අවිශ්ක ප්‍රනාන්දු ඇන්ජලෝ මැතිව්ස් දසුන් ශානක කුසල් ජනිත් පෙරේරා නිරෝෂන් දික්වැල්ල ධනංජය ද සිල්වා ඉසුරු උදාන භානුක රාජපක්ෂ ඔ්ෂධ ප්‍රනාන්දු වනිදු හසරංග ලහිරු කුමාර කුසල් මෙන්ඩිස් ලක්ෂාන් සදකැන් නුවන් ප්‍රදීප් (පුහුණුවීම් අතරතුර ආබාධයකට ලක්ව ඇත සහ සංචාරයට එක් නොවේ) නුවන් ප්‍රදීප් පුහුණුවීම් අතරතුර ආබාධයකට ලක්වීම හේතුවෙන් ඔහු වෙනුවෙන් කසුන් රජිත කණ්ඩායමට එම සංචිතයට ඇතුළත් කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කරයි.
 

More News..