brand logo

ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවකට අභියෝග කළ පිරිසක් අත්අඩංගුවට

27 October 2018

ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුවකට අභියෝග කරමින් විරෝධතාවල නියැලුණු විශාල පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඉන්දියාවේ දකුණු දිග කේරළ ප්‍රාන්තයේ හින්දු සිද්ධස්ථානයකට කාන්තාවන්ට ඇතුළුවීමට අවසර නොදීමට එරෙහිව දිගින් දිගටම විරෝධතා පැවැත් විය. ඒ සඳහා සහභාගී වූ  2200 ක් පමණ මේ වනවිට අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි. සබරිමාලා සිද්ධස්ථානයට කාන්තාවන්ට ඇතුළු වීම තහනම් කරමින් ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදුන් තීන්දුවට විරෝධය පලකරමින් පසුගිය සති කිහිපය පුරා කළහකාරී විරෝධතා ප්‍රාන්තයේ බොහෝ ස්ථානවල පැවැත්වුණු බවට මාධ්‍ය වාර්තා පලවිය. අදාළ  සිද්ධස්ථානය ඉතිහාසය පුරා කාන්තාවන්ට තහනම්ව පැවතී ඇති බව සඳහන් වෙයි. පොලීසිය පවසන්නේ අධිකරණ තීන්දුවට එරෙහිව කලහකාරී ලෙස විරෝධතාවයේ යෙදුණු කාන්තාවන් හා පිරිමින් විශාල පිරිසක් අත්අඩංගුවට ගත් බවයි.
 

More News..