brand logo

ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ සේවකයෙක්ට කොවිඩ්

02 November 2020

කොළඹ පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ කාර්ය මණ්ඩල සහායකයෙක් කොවිඩ් ආසාදිත බව හඳුනාගත් බව ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය නිවේදනය කරයි. පී.සී.ආර් පරීක්ෂණ වාර්තාවට අනුව ඔහු ආසාදිතයෙක් බවට ඊයේ (01) හඳුනාගෙන ඇති අතර මේ වනවිට ඔහු ශ්‍රී ලංකා රජය මගින් පවත්වා ගෙන යනු ලබන වෛද්‍ය මධ්‍යස්ථානයකට යොමු කර ඇති බව සඳහන් වේ. මහ කොමසාරිස් කාර්යාලයේ කටයුතු අඩු කාර්ය මණ්ඩලයක් සහිතව පසුගිය සති කිහිපයේදී සිදු කර ඇති අතර එම කාර්ය මණ්ඩල සාමාජිකයාගේ රාජකාරී ස්වභාවය අනුව ඔහු මහ කොමසාරිස් කාර්යාලයේ ප්‍රධාන ගොඩනැගිල්ලේ සේවයේ නියුතු නිලධාරීන් සමග ඉතා අඩු වශයෙන් සම්බන්ධ වී ඇති බව එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ. හඳුනාගත් මූලික අශ්‍රිතයින් කිහිපදෙනෙක් පී.සී.ආර් පරීක්ෂණ සහ අනෙක් ක්‍රමවේද සඳහා යොමුකර තිබෙන බවද එම නිවේදනයේ දැක්වේ.
 

More News..