brand logo

ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයේ නිලධාරියෙකු ආසාදිතයි

14 February 2021

    කොළඹ' ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයේ කාර්යමණ්ඩල සාමාජිකයෙකු කොවිඩ් ආසාදිත බව හඳුනා ගෙන ඇත. ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය ආසාදිත නිලධාරියා ඊයේ (13) දින හඳුනා ගත් බව' නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබේ. මේ අනුව ලංකා රජය මගින් නිකුත්කර ඇති සෞඛය මාර්ගෝපදේශවලට අනුගතවෙමින් එම නිලධාරීයාව ප්‍රතිකාර මධ්‍යස්ථානයක් වෙත යොමුකර ඇති බව අදාළ නිවේදනයේ සඳහන් කර ඇත. එම නිලධාරියා මහ කොමසාරිස් කාර්යාලයේ සේවයේ නියුතු වීමේදී බාහිර පාර්ශවයන් සමග සබඳතා පවත්වා නැති බව සඳහන් කර ඇති අතර ඔහුගේ පළමුපෙළ ආශ්‍රිතයන් ස්වයං නිරෝධායනය සඳහා යොමුකර තිබේ. ඒම කාර්යාල පරිශ්‍රය මේවන විට විෂබීජහරණයට ලක්කර අවදානම පාලනය කිරීම සඳහා කටයුතු කර තිබෙනවා.
 

More News..