brand logo

ඉන්දීය ණයට වසර 3ක සහනයක් දෙන්න - මහින්දගෙන් ඉල්ලීමක්

10 February 2020

ආර්ථිකය පිළිබඳව නැවත විවරණය කරන තුරු ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට ලබාදී ඇති ණය සඳහා වසර 3 ක සහන කාලයක් ලබාදෙන ලෙස අගමැති මහින්ද රාජපක්ෂ ඉන්දියාවෙන් ඉල්ලීමක් කර ඇත. සිය ඉන්දීය සංචාරය අතරතුර අගමැතිවරයා විසින් සිදුකරන ලද මෙම ඉල්ලීම පිළිබඳව එරට ‘ද හින්දු’ පුවත්පතට ලබාදුන් සම්මුඛ සාකච්ඡාව අතරතුර අගමැතිවරයා විසින් අනාවරණය කර ඇත. ඉන්දියාව විසින් එම ඉල්ලීමට යහපත් ප්‍රතිචාරයක් දැක්වුවහොත් චීනය ඇතුළු අනෙක් රටවල්ද ශ්‍රී ලංකාවට ලබාදී ඇති ණය සම්බන්ධයෙන් ඉන්දියාව අනුගමනය කරනු ඇතැයිද අගමැතිවරයා මෙහිදී සඳහන් කර ඇත. ‘ද හින්දු’ මාධ්‍යවේදියා ප්‍රශ්න කර ඇත්තේ මෙම වසරේදී ශ්‍රී ලංකාවට මුහුණ දීමට ඇති දැවැන්තම අර්බුදය වන දේශීය සහ විදේශීය ණය ආපසු ගෙවීම් පිළිබඳවය. ඊට වැඩිදුරටත් පිළිතුරු ලබාදෙමින් අගමැතිවරයා සඳහන් කර ඇත්තේ පසුගිය ආණ්ඩුව විසින් විවිධ පාර්ශ්ව වෙතින් ණය ලබාගෙන ආර්ථිකය දුගී භාවයට පත්කර තිබීම විශාල ගැටලුවක් බවය. කෙසේ වුවත් ණය අර්බුදය කෙසේ හෝ කළමනාකරණය කරගන්නා බවත්, ණය ආපසු ගෙවීම් පැහැර හැරීමට කිසිදු ලෙසකින් ඉඩ නොතබන බවත් අගමැතිවරයා මෙහිදී වැඩිදුරටත් පවසා ඇත.   නයන තරංග ගමගේ
 

More News..