brand logo

ඉන්දීය ඩ්‍රෝන යාන ගැන ඇමති කෙහෙළියගේ අදහස

22 June 2021

ඉන්දියාවේ ආරක්ෂාවට තර්ජනයක් බව පවසමින් ශ්‍රී ලංකාව ආශ්‍රිතව ඩ්‍රෝන යාන යොදවන බව ඉන්දීය නාවික හමුදාව සිදුකර තිබෙන ප්‍රකාශය සම්බන්ධයෙන් අද (22) කැබිනට් මාධ්‍ය හමුවේදී ප්‍රශ්න කිරීමක් සිදුවිය. එහිදී ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් නොවන්නේ දැයි මාධ්‍යවේදිහු කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගෙන් විමසා ඇත. මේහි දී ඊට පිළිතුරු දෙමින් කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා සඳහන් කරනු ලැබුයේ විදේශ කටයුතු අමාත්‍යංශය අවශ්‍ය ප්‍රමාණයට මැදිහත්ව කටයුතු කරන බවයි. එසේම භූ දේශපාලනය හා සම්බන්ධ කලාපීය ගැටලු ඉතිහාසයේ සිට තිබී ඇති බව ද අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කර ඇත.
 

More News..