brand logo

ඉන්දීය කාන්තා ක‍්‍රිකට් පිළ ශ‍්‍රී ලංකාවට

29 August 2018

ශ‍්‍රී ලංකා කාන්තා ක‍්‍රිකට් කණ්ඩායම සමගින් එක්දින තරග තුනකට සහ විස්සයි විස්ස තරග පහකට සහභාගී වන ඉන්දීය කාන්තා ක‍්‍රිකට් පිල සැප්තැම්බර් 7 වැනිදා ශ‍්‍රී ලංකාවට පැමිණීමට නියමිතය. සැප්තැම්බර් 11 වැනිදා ආරම්භවන පළමු එක්දින තරගය සහ 13 වැනිදා ආරම්භ වෙන දෙවැනි තරගය ගාල්ල ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී පැවැත්වේ. තරගාවලියට අයත් තෙවැනි එක්දින තරගය 16 වැනිදා කටුනායක නිදහස් වෙළෙඳ කලාප ක‍්‍රීඩාංගණයේ පැවැත්වීමට කටයුතු යොදා තිබේ. 19 වැනිදා ආරම්භවෙන තරග පහකින් සමන්විත විස්සයි විස්ස තරගාවලිය ලබන 25 වැනිදා දක්වා පැවැත්වේ. එම තරගාවලියේ කාලසටහන මෙසේය. පළමු තරගය - සැප්තැම්බර් 19, කටුනායක නිදහස් වෙළෙඳ කලාප ක‍්‍රීඩාංගණය දෙවැනි තරගය - සැප්තැම්බර් 21, කොළඹ කෝල්ට්ස් ක‍්‍රීඩාංගණය තුන්වැනි තරගය - සැප්තැම්බර් 22, කොළඹ, සී.සී.සී ක‍්‍රීඩාංගණය සිව්වැනි තරගය - සැප්තැම්බර් 24, කොළඹ, සී.සී.සී ක‍්‍රීඩාංගණය පස්වැනි තරගය - සැප්තැම්බර් 25, කටුනායක නිදහස් වෙළෙඳ කලාප ක‍්‍රීඩාංගණය
 

More News..