brand logo

ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයින් ශ්‍රී ලංකාවට

11 May 2021

එක්දින සහ 2020 තරගාවලියක් සඳහා ඉන්දීය කණ්ඩායම ලබන ජූලි මාසයේදී ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට නියමිත බව ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ ප්‍රධානි සෞරව් ගංගුලි පවසා ඇතැයි විදෙස් මාධ්‍ය අනාවරණය කරයි. මෙම තරගාවලිය එක්දින තරග 3ක් සහ විස්සයි විස්ස තරග 3ක් අන්තර්ගත වනු ඇතැයි වාර්තා වේ. මෙය ඉකුත් 2020 වසරේ ජූනි මාසයේදී පැවැත්වීමට නියමිතව තිබී පසුව අගෝස්තු මාසය දක්වා කල් දැමුණු අතර, ඉන්දියාවේ පැවැති කොවිඩ් අවදානම මත එය නැවත දින නියමයක් නොමැතිව කල් දැමිණි. මේ අතර මෙම තරගාවලිය සඳහා විරාට් කෝලි සහ රෝහිත් ෂර්මා වැනි ප්‍රබල ක්‍රීඩකයන් සහභාගී නොවන නමුත් ෂිකර් ධවාන්, බුවනේස්වර් කුමාර් වැනි ක්‍රීඩකයන් මෙම තරගාවලියට සහභාගී වීමට නියමිතය. මීට අමතරව යුස්වේන්දර් චහල්, සංජු සැම්සන්, ප්‍රිතුවි ෂෝ, දීපක් චහර්, රාහුල් චහාර්, ජාදෙව් උනඩ්කට්, කුල්දීප් යාදව්, වරුන් චක්‍රවර්තී සහ රාහුල් තේවාටියා මෙම තරගාවලිය සඳහා නම් කරනු ඇතැයි වාර්තා වේ. විස්සයි විස්ස ලෝක කුසලාන පුහුණුවක් ලෙසින් මෙය පැවැත්වෙනු ඇත. මෙම කාල වකවානුව තුළ ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම ටෙස්ට් තරගාවලියක් සඳහා එංගලන්තය බලා පිටත්වීමටද නියමිතව පවතී.
 

More News..