brand logo

ඉන්දීය කණ්ඩායමේ නායකත්වය ශිකර් ධවාන්ට

11 June 2021

එක්දින තරග සහ පන්දුවාර විස්ස තරග සංචාරයක් සදහා ශ්‍රී ලංකාවට පැමිණෙන ඉන්දීය කණ්ඩායමේ නායකත්වය ඉන්දීය කණ්ඩායමේ ආරම්භක පිතිකරු වන ශිකර් ධවාන්ට හිමිව තිබේ. ඉන්දීය කණ්ඩායමේ උප නායකත්වයට බුවනේශ්වර් කුමාර් පත් කළ බව ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය සදහන් කරයි.

ශ්‍රී ලංකාවට පැමිණෙන ඉන්දීය ක්‍රීඩකයින්.......

ප්‍රිත්වි ෂෝ දෙව්දත් පඩික්කාල් රුට්රාජ් ගයික්වාඩ් සූර්යකුමාර් යදාව් මනීෂ් පාන්ඩේ හර්ඩ්ක් පාන්ඩ්යා නිතිශ් රානා ඉෂාන් කිෂාන් සංජු සැම්සන් යුවේන්ද්‍ර චහාල් රාහුල් චහාර් කේ ගෞතම් කෘර්නාල් පාන්ඩ්යා කුල්ඩිප් යදාව් වරුන් චක්‍රවර්ති දීපාක් චහාර් නෞඩීප් සයිනි චේතන් සකාරියා ශ්‍රී ලංකාවට එරෙහිව එක්දින තරග 3 කට සහ විස්සයි-20 තරග 3 කට සහභාගිවීම සඳහා ඉන්දීය කණ්ඩායම මෙම මස 28 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බවට තොරතුරු වාර්තා වේ. වසර 3කට පසු දිවයිනට පැමිණෙන ඉන්දීය කණ්ඩායම දින 29ක කාලයක් ශ්‍රී ලංකාවේ රැදී සිටීමට නියමිතයි.
 

More News..