brand logo

ඉන්දීය කණ්ඩායමේ තවත් ක්‍රීඩකයින් දෙදෙනෙකුට කොරෝනා

30 July 2021

සංචාරක ඉන්දීය කණ්ඩායමේ තවත් ක්‍රීඩකයින් දෙදෙනෙකුට කොවිඩ් - 19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ. මෙලෙස කොවිඩ් ආසාදනය වී ඇත්තේ යුවේන්ද්‍ර චහල් සහ ක්‍රිෂ්ණප්පා ගෞතම් යන ක්‍රීඩකයින් දෙදෙනාටය. මීට පෙර ඉන්දීය කණ්ඩායමේ කෘනල් පාණ්ඩ්‍යා කොවිඩ් ආසාදිතයෙකු ලෙසට හදුනාගෙන තිබිණි. ඔහුගේ සමීපතම ලෙස හදුනාගත් ක්‍රීඩකයින් 8දෙනා ඇතුළු කණ්ඩායම පී.සී.ආර්. පරීක්ෂණයට යොමු කළ අතර, එහිදී ඔවුන්ට කොවිඩ් ආසාදනය වී නොමැති බවට ජූලි 28 වැනිදා තහවුරු විය. කෙසේ වෙතත් ශ්‍රී ලංකා ඉන්දියා තෙවන පන්දුවාර විස්ස තරගය අවසන්වීමෙන් අනතුරුව සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණයේදී යුවේන්ද්‍ර චහල් සහ ක්‍රිෂ්ණප්පා ගෞතම් කොවිඩ් ආසාදිතයින් බවට හදුනාගෙන තිබේ.
 

More News..