brand logo

ඉන්දීය එන්නත් ලක්ෂ 35ක් මිලට ගන්න තීරණ

01 February 2021

කොවිඩ් මර්දනය සඳහා ඉන්දියාවේ නිෂ්පාදනය කර ඇති කොවිෂීල්ඩ් එන්නත හෙවත් ඇස්ට්‍රාසෙනෙකා එන්නතින් ලක්ෂ 35ක ප්‍රමාණයක් මිලදී ගැනීමට රජය තීරණය කර ඇත. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මෙම එන්නත් ප්‍රමාණය ඉන්දීය රජයෙන් ඉල්ලා ඇතැයි ප්‍රාථමික සෞඛ්‍ය සේවා වසංගත රෝග සහ කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා සඳහන් කළේය. මෙම එන්නත ඉක්මනින් මෙරටට ලැබීමට නියමිත බවත් එය ලැබුණු වහාම එන්නත් කිරීම ආරම්භ කරන බවද විශේෂඥවරයා පැවසීය. අප රටට අවශ්‍ය වන්නේ රටේ ජනගහනයෙන් මිලියන 11ට එන්නත් ඩෝස් මිලියන 22ක් පමණකි. එය ලබා ගැනීම අපහසු කටයුත්තක් නොවන බවත් මේ වන විටත් විදේශීය රටවල් කීපයක් ප්‍රදානයන් ලෙස එන්නත් ලබා දීමට සූදානමින් සිටින බවත් හෙතෙම පැවසීය. ශ්‍රියානි විජේසිංහ
 

More News..