brand logo

ඉන්දීය අමාත්‍යවරයෙක් හෙට දිවයිනට පැමිණේ

04 January 2021

  ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජෙයිශංකර් මහතා දින 3ක සංචාරයක් සඳහා හෙට (05) ශ්‍රී ලංකවට පැමිණීමට නියමිත බව මෙරට විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරනවා. අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ආරාධනයකට අනුව ඒ මහතා මෙරටට පැමිණෙන බව පැවසෙනවා. විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරන්නේ ඉන්දීය අමාත්‍යවරයා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සමග ද්වීපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිත බවයි.
 

More News..