brand logo

ඉන්දීය අගමැති ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනපති හමුවෙයි

09 June 2019

අද පෙරවරුවේ දිවයිනට පැමිණි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා මීට ටික වේලාවකට පෙර ජනාධිපති ලේකම් කාර්යාලය වෙත පැමිණියේය. ඉන්දීය අග්‍රාමාත්‍යවරයා පිළිගැනීම වෙනුවෙන් උත්තමාචාර පෙළපාලිය මේ වනවිට ආරම්භ වී ඇති අතර ඉන්දීය අග්‍රාමාත්‍යවරයා පිළිගැනීමේ නිල උත්සවය ජනාධිපති ලේකම් කාර්යාල පරිශ්‍රයේදී පැවැත්වෙයි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා වෙත දිවා භෝජන සංග්‍රහයක් පැවැත්වීමට ද නියමිතව ඇත. කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී ඉන්දීය අග්‍රාමාත්‍යවරයා පිළිගනු ලැබුවේ, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින්ය. ඉන්දීය ගුවන් සේවයට අයත් ඒ අයි 001 දරණ ගුවන් යානයෙන් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා අද පෙරවරු 11.00 ට පමණ මෙරටට පැමිණි අතර ඔහු සමග පැමිණි දූත පිරිස 59 ක් වෙයි.
 

More News..