brand logo

ඉන්දීය අගමැතිට ජනපති ගෝඨාභයගෙන් ආරාධනයක්

29 November 2019

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තම ධුර කාලය තුළ පැමිණෙන පළමු රාජ්‍ය නායකයා ලෙස ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වන්නැයි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාට ආරාධනයක් කර ඇත. සිය ඉන්දීය සංචාරය අතරතුර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ඉන්දීය අග්‍රාමාත්‍යවරයා අතර ද්විපාර්ශ්වික සාකච්ඡාවක් නවදිල්ලියේ පිහිටි ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ නිල නිවස වන හයිද්‍රාබාද් හවුස්හිදී අද දහවල් පැවැත්වුණි. සාකච්ඡාවලින් අනතුරුව රාජ්‍ය නායකයින් දෙදෙනා ඒකාබද්ධ මාධ්‍ය ප්‍රකාශයක් නිකුත් කරනු ලැබු අතර එහිදී ඉන්දීය අග්‍රාමාත්‍යවරයාට ශ්‍රී ලංකාවේ සංචාරයකට එක්වන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ආරාධනා කර ඇත.
 

More News..