brand logo

ඉන්දියාව 6 වැනි වරටත් ආසියානු කුසලාන උස්සයි

29 September 2018

අවසන් මහා තරගයේදී බංග්ලාදේශය කඩුලු තුනකින් පරාජය කරමින් 7 වැනි වරටත් ආසියානු කුසලානක පහස විඳීමට ඉන්දීය කණ්ඩායම සමත් විය. ඒ අනුව බංග්ලාදේශය පන්දුවාර 48.3 කදී සියල්ල දැවීරැස්කළ ලකුණු 222 ක ඉලක්කය හඹාගිය ඉන්දියාව පන්දුවාර 50 අවසානයේ කඩුලු 3 ක් අතැතිව ජය සපුරා ගැණින. බංග්ලාදේශයේ ආරම්භක පිතිකරුවන් පළමු කඩුල්ල සඳහා ලකුණු 120 ක සබඳතාවක් පැවැත්වූද, එය අඛණ්ඩව පවත්වාගෙන යාමට සෙසු පිතිකරුවෝ අපොහොසත් වූහ. එහිදී තරගයේ වීරයා බවට පත් වූ ලිටන් ඩස් (121) හැරුණම ලකුණු 10 සීමාව පසු කිරීමට සමත් වූයේ මෙහෙදි හසන් (32) සහ සෞම්‍ය සර්කාර් (33) පමණි. දෙපිලට දෝලනය වෙමින් පැවැති අවසන් පන්දුවාරයේදී ජයග්‍රහණය උදෙසා ලකුණු 6 ක් ලබා ගැනීමට ඉන්දියාවට සිදුවූ නමුත් එම ඉලක්කය සපුරා ගැනීමට ඉන්දීය පසුපෙළ පිතිකරුවන් වන කේදර් ජාදෙව් සහ කුල්දීප් යාදෙව් සමත් විය. තරගාවලියේ වීරයා බවට ඉන්දීය ආරම්භක පිතිකරු ශිකර් ධවාන් පත්විය.
 

More News..