brand logo

ඉන්දියාව හමුවේ දකුණු අප්‍රිකානුවන් අසරණ තත්ත්වයක

04 October 2019

ඉන්දීයා දකුණු අප්‍රිකා පළමු ටෙස්ට් තරගයේ තෙවන දිනය සදහා තරගය මේ වන විට විශාඛපට්නම් හි රාජශේකර රෙඩ්ඩි ක්‍රීඩාපිටියේදී පැවැත්වෙමින් තිබේ. මේ වන විට පිළිතුරු පළමු ඉනිම සදහා පන්දුවට පහරදෙන දකුණු අප්‍රිකානුවන් කඩුළු 4ක් දැවී ලකුණු 92ක් රැස්කර ගෙන සිටී. මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගනිමින් පළමු ඉනිම සදහා මුලින්ම පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම කඩුළු 7ක් දැවී ලකුණු 502ක් රැස්කරගෙන සිටියදී දකුණු අප්‍රිකානුවන්ට පන්දුවට පහරදීමට ආරාධනා කළේය. ඉන්දීය පළමු ඉනිම වෙනුවෙන් මායන්ක් අගර්වාල් ලකුණු 215ක් රැස්කර ගැනීමට සමත් විය. ඔහු සිය ටෙස්ට් ක්‍රිකට් රැස්කර ගත් මංගල ද්විත්ව අර්ධ ශතකය ද මෙය වේ. අගර්වාල්ට අමතරව රෝහත් ශර්මා ලකුණු 176ක් ද රැස්කර ගැනීමට සමත් විය.
 

More News..