brand logo

ඉන්දියාව පාකිස්ථානයට බැහැ කියයි - ශ්‍රී ලංකාවේදි තරඟ 8ක්

30 November 2018

ආසියානු නැගී එන කණ්ඩායම් අතර ක්‍රිකට් තරඟාවලියේ ඉන්දීය කණ්ඩායම සහභාගි වන තරඟ සහ අවසන් මහා තරඟය ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට තීරණය කර තිබෙනවා. මෙම පැවැත්වීමට නියමිතව තිබු‌නේ පාකිස්ථානයේදීයි. ලාහෝරය සහ කරච්චි නුවර පැවැත්වෙන තරඟ වලට ආරක්ෂාව සම්බන්ධයෙන් පවතින ගැටලූ හේතුවෙන් ඉන්දියාව ඊට සහභාගි වීමට අකමැත්ත පළ කර තිබෙනවා. මෙම තරඟාවලියේ ඒ කාණ්ඩයට ශ්‍රී ලංකාව, ඉන්දියාව, ඇෆ්ගනිස්ථානය සහ ඕමානය ඇතුළත් වන අතර, බී කාණ්ඩයට පාකිස්තානය, බංග්ලාදේශය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ හොංකොං කණ්ඩායම් ඇතුළත් වනවා. "ඒ" කාණ්ඩයේ සියළු තරඟ ශ්‍රී ලංකාවේ පැවැත්වෙන අතර, "බී" කාණ්ඩයේ තරඟ පාකිස්තානයේ පැවැත්වීමට නියමිතව තිබෙනවා.
 

More News..