brand logo

ඉන්දියාව පරාජය කළ එංගලන්තය සිව්වැනි තැනට

01 July 2019

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉන්දියාව සමග පැවැති තරගය එංගලන්තය විසින් ලකුණු 31කින් ජය ගැනීමට සමත් විය. තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායම පන්දුවාර 50 අවසානයේ කඩුළු 7ක් දැවී ලකුණු 337ක් ලබාගත්තේය. එංගලන්ත පිල වෙනුවෙන් ජොනී බයර්ස්ටෝව් ලකුණු 111ක් ලබාගැනීමට සමත් විය. ඊට අමතරව බෙන් ස්ට්‍රෝක් ලකුණු 79ක් ලබාගත්තේය. පන්දු යැවීමෙන් මොහොමඩ් ශමී කඩුළු 5ක් දවා ගැනීමට සමත් විය. අනතුරුව පිටියට පැමිණි ඉන්දීය කණ්ඩායම පන්දුවාර 50 අවසානයේ කඩුළු 5ක් දැවී රැස්කර ගත්තේ ලකුණු 306ක් පමණීයි. ඉන්දීය පිල වෙනුවෙන් රෝහිත් ශර්මා ලකුණු 102ක් රැස්කර ගත් අතර නායක විරාට් කෝලි ලකුණු 66ක් ලබාගත්තේය. මෙම තරගයේදී ලැබූ ජයත් සමග එංගලන්ත පිල ලෝක කුසලාන තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ සිව්වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණ තිබේ.
 

More News..