brand logo

ඉන්දියාව කොවිඩ් 19 ආසාදනයෙන් චීනය අබිබවයි

16 May 2020

ඉන්දියාවේ කොවිඩ් ආසාදිතයන් ගණන මේවනවිට චීනයේ කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාවද ඉක්මවා ගොස් තිබේ. ඉන්දියාවෙන් මේ වනවිට වාර්තා වන රෝගීන් සංඛ්‍යාව 85 940ක් වන අතර චීනයෙන් වාර්තා වී ඇත්තේ 82 941කි. අසල්වැසි ඉන්දියාවෙන් ඊයේ දිනයේ කොවිඩ් - 19 ආසාදිතයන් 3,787 දෙනෙක් හඳුනාගෙන ඇති අතර වාර්තා වන මරණ සංඛ්‍යාව 104ක්. අද වන විට චීනයේ සමස්ත කොවිඩ් ආසාදිතයන් ගණනද අභිබවමින් අද වන විට එරටින් ආසාදිතයන් 85,784 දෙනෙකු හඳුනාගෙන තිබේ. කෙසේ වුවද ඉන්දියාවේ ක්‍රියාත්මක වන දැඩි අගුලු දැමීම් හමුවේ රෝගය බෝවන වේගය අඩුවී ඇතැයි ඉන්දීය සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි. එසේම චීනයේ සිදුවූ මරණ 4 600ට සාපේක්ෂව ඉන්දියාවේ සිදුවී ඇත්තේ මරණ 2 752ක් බවද සෞඛ්‍ය අංශ සඳහන් කරයි. සමස්ථ ආසාදන වලින් තුනෙන් එකක් මහාරාෂ්ට්‍රයෙන් වන අතර මුම්බායි නගරයේ වැඩිම ව්‍යාප්තියක් පෙන්නුම් කරයි.
 

More News..