brand logo

ඉන්දියාව කල් ඇතිව අවසන් තරග වරම දිනාගනියි

25 September 2018

ආසියානු ක්‍රිකට් තරගාවලියේ සුපිරි හතර වටයේ පළමු තරග දෙකම ජය ගනිමින් කල් ඇතිවම අවසන් මහා තරගය සඳහා සුදුසුකම් සපුරාගැනීමට ඉන්දියාව සමත්විය. හෙට (26දා) බංග්ලාදේශය සහ පාකිස්තානය අතර පැවැත්වෙන තරගය තීරණාත්මක වන අතර එහිදී ජයගන්නා කණ්ඩායම ඉන්දියාව සමගින් අවසන් මහා තරගයට සුදුසුකම් ලබනු ඇත. බංග්ලාදේශය සහ පාකිස්තානය තරග දෙකකට සහභාගී වී ඉන් එක් තරගය බැගින් ජයගෙන සිටීම මත අවසන් තරගය සඳහා පිවිසීමටනම් කණ්ඩායම් දෙකටම මෙම තරගයේ ජය අනිවාර්ය වී තිබේ. පාකිස්තානය සහ බංග්ලාදේශය සමගින් පැවැති තරගයෙන් ලකුණු 3කින් පරාජය වීම මත ඇෆ්ගනිස්තානයට අවසන් මහා තරග බලාපොරොත්තු සුන්විය. ඇෆ්ගනිස්තානය සහභාගී වන සුපිරි හතර වටයේ අවසන් තරගය අද ඉන්දියාව සමගින් පැවැත්වේ.
 

More News..