brand logo

ඉන්දියාව ඉතිරි තෙල් ටැංකි 85ත් තුට්ටු දෙකට ඉල්ලයි

03 February 2019

කිසිදු ගිවිසුමක් අත්සන් නොකර ත්‍රිකුණාමලයේ පිහිටි තෙල් ටැංකි 14ක් ලංකා ඉන්දියන්තෙල් සමාගමට බදුදී ඇත්තේ එක් ටැංකියක් මසකට රුපියල් සියයට (100) ආසන්න මුදලකට බව හෙළිවේ. 2003 පෙබරවාරි 17 වැනි දින අත්සන් කළඅවබෝධතා ගිවිසුමට අනුව වසර 35ක කාලයක් සඳහා එහි වූ තෙල් ටැංකි 99න් 14ක්මෙසේ ලබාදී තිබේ. මාස හයක් ඉක්ම ගිය තැන එම ගනුදෙනුව නිල ගිවිසුමක් අනුවක්රියාත්මක කළ යුතුව තිබුණද වසර 14ක් ගතව ඇතත් මේ වන තෙක් ගිවිසුමට එළඹනොමැත. ලංකා ඉන්දියන් තෙල් සමාගම දැනට භාවිත කරනු ලබන තෙල්ටැංකි 14 සඳහා වසරකට ඩොලර් 100 මුදලක් ඛනිජ තෙල් සංස්ථාවට ලබා දෙන බව ඛනිජතෙල් සම්පත් සංවර්ධනහිටපු අමාත්ය අර්ජුන රණතුංග පාර්ලිමේන්තුවේ පවසා ඇත.. ඒ අනුව එක් ටැංකියකට වසරක් සඳහා (ඩොලරය රුපියල් 170 පදනමින්) ඩොලර් 7.1ක් ලැබෙන අතර එය ශ්රී ලංකා රුපියල් 1207කි.එක ටැංකියක ඉන්ධන ලීටර් 12500ක් ගබඩා කළ හැකිය. මේ සම්බන්ධයෙන් ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්යාංශයේ ‘අරුණ’ කළවිමසුමකදී ඒ එහි උසස් නිළධාරියකු පැවසුවේ මෙය වසර ගණනකට පෙර සිදුවූක්රියාවලියක් බැවින්ද එය රාජ්ය තාන්ත්රික මට්ටමේ ගනුදෙනුවක් බැවින්ද එහිගැටලු නිරාකරණය කර ගත යුත්තේ රාජ්ය තාන්ත්රික මට්ටමින් බවයි..
 

More News..