brand logo

ඉන්දියාවේ සමීක්ෂණයෙන් ජනප්‍රිය පුද්ගලයන් සජිත් හා ගෝඨා

10 August 2019

තව මාස කිහිපයකින් පැවැත්වෙන ජනාධිපතිවරණයේදී ඉදිරිපත් කිරීමට ඒ ඒ පක්ෂ සැලසුම් කර ඇති අපේක්ෂකයන්ගේ නම්වලින් වැඩි ඉල්ලුමක් ඇති අය හඳුනා ගැනීම සඳහා ඉන්දියාව සමීක්ෂණයක් සිදුකර තිබේ. එහිදී රටේ ජනප්‍රිය ජනාධිපති අපේක්ෂකයන් ලෙසට වැඩි දෙනාගේ තේරීම වී ඇත්තේ එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාසගේ නම හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉදිරිපත් කිරීමට යෝජනා වී ඇති හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ යන අයගේ නම්ය. එහෙත් ඔවුන්ට ප්‍රසාදය දක්වන ප්‍රතිපත්තියක් සම්බන්ධයෙන් එහිදී සඳහන් කර නොමැත. කෙසේ වෙතත් දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන්නේ එම සමීක්ෂණය මත ඒ ඒ පක්ෂවලින් ඉදිරිපත් කරන අපේක්ෂකයා අනුව ඉන්දියාවේ හැසිරීම වෙනස් විය හැකි බවය. මධුභාෂණ හේරත්
 

More News..