brand logo

ඉන්දියාවේ විදෙස් හමුදා පුහුණුවෙන් වැඩි ඉඩ ලංකාවට

04 August 2020

ඉන්දියාවේ සියලුම විදේශීය හමුදා පුහුණු මධ්‍යස්ථානවලින් 50%කට වැඩි ප්‍රමාණයක් වෙන් කර ඇත්තේ ශ්‍රී ලංකා ආරක්ෂක අංශ වෙනුවෙන් බව කොළඹ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය ප්‍රකාශ කරයි. ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස්වරයාගේ නව ආරක්ෂක උපදේශක විකාස් සුඩ් මෙරට ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න සමග පසුගියදා පැවැති සාකච්ඡාවක දී මේ බව අනාවරණය කර තිබේ. මෙහිදී ඉන්දීය ආරක්ෂක උපදේශකවරයා යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සමග මෙන්ම නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගෙතැන්නේ සමගද සාකච්ඡා කළ බව මහ කොමසාරිස් කාර්යාලය පවසයි. මහකොමසාරිස් කාර්යාලය වැඩිදුරටත් ප්‍රකාශ කරන ආකාරයට දෙරටේ හමුදාව අතර සාම්ප්‍රදායික සුහදතාව වර්ධනය කිරීම හා ආරක්ෂක සහයෝගීතාව ඉහළ නැන්වීම පිළිබඳව මෙහි දී සාකච්ඡා කර ඇත. එසේම පුහුණුවීම්වලදී පවතින ධාරිතා වැඩිදුරටත් ඉහළ නැංවීම පිළිබඳ මෙහි දී අවධානය යොමුව තිබේ. නයන තරංග ගමගේ
 

More News..