brand logo

ඉන්දියාවේ රෝහලක ඔක්සිජන් ඇණහිටීමෙන් 11ක් මරුට

11 May 2021

අන්ද්‍රා ප්‍රදේශ් හී තිරුපතිවල පිහිටි විශාලතම රජයේ රෝහල වන එස්.වී. ආර් රූයා රෝහලේ ඔක්සිජන් සැපයූම අඩාල වීම හේතුවෙන් එම රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින කොරෝනා ආසාදිත රෝගීන් 11 දෙනෙකු මියගොස් තිබේ. මිය ගිය පුද්ගලයින්ගේ ඥාතින් විසින් චෝදනා කරමින් පවසා තිබුණේ මිනිත්තු 25 - 30ක පමණ කාලයක් මෙලෙස ඔක්සිජන් නොමැතිව තිබූ බවයි. නමුත් රෝහල් බලධාරීන් විසින් එය ප්‍රතික්ෂේප කරන අතර ඔවුන් ප්‍රකාශ කර තිබුණේ විනාඩි 05ක් තුළ සියලු දේ යාථා තත්ත්වයට පත් කළ බවත් සිදුවීමට තිබූ විශාල විනාශයක් වළක්වා ගත් බවයි. සිදුවීම සම්බන්ධයෙන් ප්‍රාන්ත මහා ඇමතිවරයා විසින් වාහම පරික්ෂණයක් ආරම්භ කරන ලෙස පවසා ඇති අතර මිය පුද්ගලයින්ගේ ඥාතින් වෙත සිය ශෝකයද පළ කර තිබේ. මෙම රෝහල තුළ ඇඳන් ධාරිතාවය 1100ක් වන අතර ඉන් දැඩි සත්කාර ඒකකය සඳහා ඇඳන් 100ක් වෙන් කර ඇති අතර ඔක්සිජන් සහිත ඇඳන් 400ක් ද තිබේ. මෙම සිදුවීම වන අවස්ථාවේ මිය යමින් සිටි රෝගීන්ගේ ජීවිත බේරා ගැනීමට වෛද්‍යවරුන් 30 දෙනෙකු පමණ දැඩි උත්සාහයක් ගෙන තිබුණු බවද එරට මාධ්‍ය සඳහන් කරයි
 

More News..