brand logo

ඉන්දියාවේ නරකම තත්ත්වය’ උදාවී නැහැ

04 May 2021

ඉන්දියාවට මෙම වසංගත අවස්ථාවේදී සහාය ලබාදීම සඳහා ‘භූමියේ නිවැරදි තොරතුරු ලබාගැනීම පිණිස විශාල අවධානයක් යොමුකර ඇති’ බව ගූගල් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී සුන්දර් පිචායි ප්‍රකාශ කර ඇත. සී.එන්.එන්. පුවත් සේවය සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ප්‍රධාන විධායකවරයා මේ බව සඳහන් කරති. එහිදී ඔහු වැඩිදුරටක් ප්‍රකාශ කර ඇත්තේ ඉන්දියාවේ කොවිඩ් 19 වසංගතය දරුණු වන නමුත් තවමත් එහි ‘නරකම තත්ත්වය’ උදාවී නොමැති බවයි. කෙසේ වෙතත් එක්සත් ජනපදය ඇතුළු බටහිර රටවල් විසින් ඉන්දියාවට සහය දැක්වීම සඳහා අවධානය යොමුකර තිබීම සතුටට කරුණක් බවද ප්‍රධාන විධායක නිලධාරියා සඳහන් කර ඇත. විශේෂයෙන්ම එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන්ගේ සහ රාජ්‍ය ලේකම් ඇන්තනි බිලින්කන් ඉන්දියාව සම්බන්ධයෙන් දක්වන උනන්දුව වැදගත් බවද ඔහු එම සම්මුඛ සාකච්ඡාවලදී පෙන්වා දී තිබේ. මේ අතර ඔක්සිජන් සිලින්ඩර 440ක් සහ කොවිඩ් 19 පරීක්ෂණ කට්ටල 960,000ක් රැගත් පළමු ආධාර තොගය පසුගිය සිකුරාදා (30 වැනිදා) එක්සත් ජනපදය විසින් ඉන්දියාවට යවන ලදී. මේ අතර සී.එන්.එන්. සම්මුඛ සාකච්ඡාවේදී සුන්දර් පිචායි වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ ඉන්දියාවේ නිෂ්පාදනය කෙරෙන කොවිෂීල්ඩ් එන්නත්වලට අවශ්‍ය අමුද්‍රව්‍ය සැපයීම කෙරෙහි තමා වැඩි අවධානයක් යොමු කර ඇති බවයි. ගූගල් සමාගම මීට පෙර ප්‍රකාශ කර තිබුණේ වෛද්‍ය සැපයුම් වෙනුවෙන් ඉන්දියාවට ඩොලර් කෝටි 135ක අරමුදල් සැපයීමට සූදානම් බවයි.     නයන තරංග ගමගේ
 

More News..