brand logo

ඉන්දියාවේ දැනුම්දීමකට TNA එක මාර්තුවේ ජිනීවා නොයයි

11 January 2020

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කොමිසමට සහභාගි නොවීමට දෙමළ ජාතික සන්ධානය තීරණය කර ඇති බව වාර්තා වෙයි. මානව හිමිකම් කොමිසම ලබන මාර්තු මාසයේදී ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවරදී පැවැත්වීමට නියමිතය. තිස් වසරක සිදුවූ යුද්ධය හේතුවෙන් දෙමළ ජනතාවට සිදුවූවා යැයි පැවසෙන අසාධාරණකම්, පැහැර ගැනීම්, මනුෂ්‍ය ඝාතනවලට සාධාරණත්වයක් ලබාගැනීම සඳහා දෙමළ ජාතික සන්ධානය පසුගිය වසර 05 තුළම මානව හිමිකම් කොමිසම නියෝජනය කළහ. නමුත් මෙවර ඉන්දියාවේ දැනුම්දීමකට අනුව මානව හිමිකම් කොමිසමට සහභාගි නොවීමට දෙමළ ජාතික සන්ධානය තීරණය කර ඇති බව වාර්තා වෙයි. උදයජීව ඒකනායක
 

More News..