brand logo

ඉන්දියාවේ කොවිඩ් එන්නත් මිලියන 10ක් මිලදී ගන්න කැබිනට් අනුමැතිය

23 February 2021

කොවිඩ්-19 වෛරසයෙන් ආරක්ෂා වීම සදහා රටේ සමස්ත ජනගහනයෙන් මිලියන 14කට කොවිඩ් -19 එන්නත ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යංශය විසින් සැලසුම් කර ඇත. ඒ අනුව වැඩබලන සෞඛ්‍ය අමාත්‍ය චන්න ජයසුමන විසින් ඉදිරිපත් කරන ලද යෝජනා තුනකට කැබිනට් අනුමැතිය ලැබී තිබේ. ඉන්දියාවේ සීරම් ආයතනයෙන් සෘජු ප්‍රසම්පාදනයක් වශයෙන් ඔක්ස්ෆර් ඇස්ට්‍රා සෙනිකා එන්නත් මිලියන 10ක් ඇමෙරිකානු ඩොලර් මිලියන 52.5ක මුදලකට ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව විසින් මිලදී ගැනීම සදහා අනුමැතිය හිමිව ඇත. එමෙන්ම මහා බ්‍රිතාන්‍යයේ ඇස්ට්‍රා සෙනිකා ආයතනය විසින් නිෂ්පාදනය කරනු ලබන කොවිඩ් -19 එන්නත් මිලියන 3.5ක් මිලදී ගැනීමට ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව විසින් එම ආයතනය සමග ගිවිසුමකට එළඹීම සදහා අමාත්‍ය මණ්ඩල අනුමැතිව හිමිව තිබේ. මේ අතර කොවැක්ස් පහසුකම යටතේ කොවිඩ්-19 එන්නත ලබා ගැනීම කඩිනම් කිරීමට හැකිවනු පිණිස කොවැක්ස් යාන්ත්‍රණය විසින් ඉදිරිපත් කර ඇති ප්‍රමිතිගත මුක්තිදාන ගිවිසුමට අත්සන් තැබීම සදහා කැබිනට් අනුමැතිව හිමිව ඇත.
 

More News..