brand logo

ඉන්දියාවේ කොවිඩ් ආසාදිතයින් ගණන මිලියන 5 ඉක්මවයි

16 September 2020

කොවිඩ්-19 ඉන්දියාව තුළ සීග්‍රයෙන් ව්‍යාප්තවීමත් සමග එරට ආසාදිතයින් සංඛ්‍යාව මේ වන විට මිලියන 5 ඉක්මවා ගොස් තිබේ. ඉන්දීය මාධ්‍ය අනාවරණය කළේ මේ වන විට ඉන්දියාවේ කොවිඩ් ආසාදිතයින් 5,020,359දෙනෙකු වාර්තා වන බවයි. ලොව කොවිඩ් ආසාදිත රටවල් අතුරින් පළමු තැන ඇමෙරිකාව සිටින අතර, දෙවැනි ස්ථානය දක්වා ඉන්දියාව පැමිණ තිබේ. ඉන්දියාවෙන් මේ දක්වා වාර්තා වන මරණ සංඛ්‍යාව ද 82,066ක් දක්වා ඉහළ ගොස් තිබේ. ලොව වැඩම කොරෝනා මරණ සංඛ්‍යාව තවදුරටත් ඇමෙරිකාවෙන් වාර්තා වන අතර, එම සංඛ්‍යාව 195,942කි. ඉන් පසුව වැඩිම මරණ සංඛ්‍යාව වාර්තා වන්නේ බ්‍රසීලයෙනි. එරටින් වාර්තා වන මරණ සංඛ්‍යාව 133,119කි.
 

More News..