brand logo

ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට ඇමරිකන් ඩොලර් මිලියන 50ක්

20 January 2020

ශ්‍රී ලංකාවේ ආරක්ෂක අංශ සඳහා උපකරණ මිලදීගෑනීම ඇමරිකානු ඩොලර් මිලියන 50ක් ලබාදීමට ඉන්දියාව කැමැත්ත පළකර ඇත. ඉන්දියාවේ මෙම තීරණය පිළිබඳව එරට ජාතික ආරක්ෂක උපදේශක අජිත් දිවාලේ පෙරේදා (18 වෙනිදා ) ජනාධිපති ගෝඨාභය රජපක්ෂ හමු වූ අවස්ථාවේ දී දැනුම් දී ඇතැයි ජනාධිපති ලේකම් කාර්යාලය සඳහන් කරයි. අදාළ හමුවේ දී දෙරටේ ආරක්ෂාව ශක්තිමත් කිරීම සඳහා සමුද්රීය ආරක්ෂාව සහ වෙරළාරක්ෂක කටයුතු ප්රවර්ධනය කිරීම පිළිබඳව සාකච්ඡා කෙරී ඇත. රහස් තොරතුරු රැස්කිරීමේ තාක්ෂණය දියුණු කිරීම සඳහා ශ්රී ලංකාවට උපකාර කිරීමට ද ඉන්දීය ආරක්ෂක උපදේශකවරයා එකඟතාව පළකර ඇතැයි ජනාධිපති කාර්යාලය වැඩිදුරටත් සඳහන් කරයි. පෘථිවි සම්බන්ධීකරණ කාර්යාලයක් පිහිටුවීම ඔස්සේ කලාපයේ ආරක්ෂාව සම්බන්ධයෙන් වැඩිදුර පියවර ගැනීම පිළිබඳව මෙහි දී දෙපාර්ශ්වය අතර සාකච්ඡා කර ඇත. නයන තරංග ගමගේ
 

More News..