brand logo

ඉන්දියාවෙන් පැන ඇවිත් සැඟව සිටි අයෙක් අල්ලයි

11 June 2021

ඉන්දියාවේ සිට මුහුදු මාර්ගයෙන් මෙරටට නීතිවිරෝධීව පැමිණි පුද්ගලයෙක් මුල්ලියාවේලි පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. 2009 වසරේ දී එම පුද්ගලයා කටුනායක ගුවන්තොටුපොළින් ඉන්දියාවේ චෙන්නායි බලා පිටව ගොස් ඉන්දියාවේ නාගපට්නම් ප්‍රදේශයේ ජීවත්ව සිට ඇති අතර ඔහු 2021 මාර්තු මස 12 වන දින මුහුදු මාර්ගයෙන් අනවසරයෙන් ශ්‍රී ලංකාවට ඇතුළු වී තිබේ. සැකකරු මාස දෙක හමාරක පමණ කාලයක් සැඟව සිට ඇති අතර, ඉන් අනතුරුව ශ්‍රී ලංකා යුද හමුදා බුද්ධි අංශය ලද තොරතුරු මත පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. සැකකරු අද (11) දින අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
 

More News..