brand logo

ඉන්දියාවෙන් පැන ආ තවත් 04 දෙනෙකු සොයාගනී

13 May 2021

ඉන්දියාවේ සිට නීතිවිරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් මෙරටට පැමිණ යාපනය ගුරුනගර් ප්‍රදේශයේ රැඳී සිටි තවත් පවුලක් පොලීසිය විසින් සොයාගෙන තිබේ. ඔවුන් පසුගිය 7 වන දින මෙරටට පැමිණ ඇතැයි සැකකරන අතර පොලීසිය විසින් සොයාගත් පිරිස අතර 61 හැවිරිදි කාන්තාවක්, ඇයගේ 34ක් වු දියණිය සහ එම කාන්තාවගේ වයස අවුරුදු 9ක් හා 5ක් පිරිමි දරුවන් දෙදෙනෙක් වු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි. ඔවුන් නැවතී සිටින ගුරුනගර් ප්‍රදේශයේ නිවසට මේ වන විට පොලිස් ආරක්ෂාව යොදවා ඇති අතර ඔවුන් එම නිවසේම නිරෝධායනයට යොමුකර ඇත. අද (13) දිනයේ ඔවුන්ගේ පීසීආර් පරීක්ෂණ සිදුකිරීමට නියමිතව ඇති අතර යාපනය පොලිසිය විසින් වැඩිදුර විමර්ශන පවත්වයි.
 

More News..