brand logo

ඉන්දියාවට දරුණු පරාජයක්

06 February 2019

ඉන්දීය කණ්ඩායම සමග පැවැති පළමු පන්දුවාර විස්ස ක්‍රිකට තරගය ලකුණු 80කින් ජය ගැනීමට නවසීලන්ත කණ්ඩායම මීට සුළු වේලාවකට පෙර සමත් වුණා. මෙම තරයේදි මුලින්ම පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩායම කඩුළු 6ක් දැවී ලකුණු 219ක් රැස්කර ගැනීමට සමත් වුණා. එහිදී Tim Seifert පන්දු 43කදී ලකුණු 84ක් ලබාගැනීමට සමත් වුණා. ඊට හයේ පහර 6ක් සහ හතරේ පහර 7ක් ද ඇතුළත් වනවා. ඉන් අනතුරුව පිටියට පැමිණි ඉන්දීය කණ්ඩායමට නියමිත පන්දුවාර විස්ස තුළ සියලුදෙනා දැවී රැස්කර ගැනීමට හැකි වූයේ ලකුණු 139 ක් පමණයි. ඉන්දීය පිල වෙනුවෙන් තරමක් හෝ සාර්ථකවීමට හැකි වූයේ එම්. එස්. දෝනිට පමණයි. පන්දු යැවීමේදී නවසීලන්තයේ ටිම් සවුති කඩුළු 3ක් දවාගැනීමට සමත් වුණා. ඒ අනුව නවසීලන්තයට ලකුණු 80ක ජයක් හිමිවුණා.
 

More News..