brand logo

ඉන්දියානු වෛරස ප්‍රභේදයත් ව්‍යාප්තවීමේ හැකියාවක්

04 May 2021

නව කොවිඩ් වෛරස ප්‍රභේද හඳුනාගැනීමත් සමග වෛරසය වැඩි වේගයකින් ව්‍යාප්තවීම ඉතා ඉහළ මට්ටමක පවතින බව වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී, විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා සඳහන් කර තිබේ. එසේම ඉන්දියාව තුළ පැතිර යමින් පවතින වෛරස ප්‍රභේදය ද මෙරට තුළ ව්‍යාප්තවීමේ අවදානමක් ඇති බවද ඔහු සඳහන් කරයි. වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී, විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා අද පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව සඳහන් කර ඇත. විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා , "කොවිඩ් -19 වෛරසයේ ප්‍රභේදය වෙනස්වීමත් සමගම වෛරසය පැතිරීම වේගවත් වෙලා තියෙනවා. ඒ කියන්නේ එක් පුද්ගලයෙකුගෙන් වැඩි පිරිසක් ආසාදිත වෙන තත්ත්වයක් තියෙන්නේ. ඉන්දියාවේ මේ වෛරසයේ තවත් ප්‍රභේදයක් තියෙනවා. ඒකත් අපේ රට තුළට පැමිණීමේ අවදානම තියෙනවා. ඉන්දියාවේ සිට පැමිණෙන ධීවර යාත්‍රා සමග අපේ ධීවරයින් සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ තුළ කොවිඩ් ආසාදිතයෝ හිටියොත් අපේ රට තුළට මේ වෛරසය එන්න පුළුවන්."
 

More News..