brand logo

ඉන්දියානු දූෂිත වාතය ලංකාවට ඇවිත්

03 November 2020

වායු දූෂණය ඉහළ ගොස් ඇති බැවින් ළමා හතිය වැඩිවිය හැකි යැයි ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා සඳහන් කරයි. ඉන්දියානු අර්ධද්වීපයේ ඉහළ අහසේ ඇති වායු දූෂණ සුළං ප්‍රවාහ මෙරට වායුගෝලයට ඇතුළුවීමෙන් මෙරට වායු දූෂණ තත්ත්වය ඉහළ යෑමෙන් මෙම තත්ත්වය උද්ගතව ඇත. එබැවින් මේ දිනවල ළමා හතිය වැඩිවුවහොත් වහාම සුදුසුකම්ලත් වෛද්‍යවරයකු වෙත දරුවා ගෙනයාමට කටයුතු කරන්නැයි ද වෛද්‍ය දීපාල් දැනුම් දෙයි. එමෙන්ම ශ්වසන රෝගයකින් දරුවා නිතර පෙළෙන්නෙක් නම් ඒ බව වෛද්‍යවරයාට පැවසීමට කටයුතු කරන්නැයි ද හෙතෙම ඉල්ලා සිටී. ශ්‍රියානි විජේසිංහ
 

More News..