brand logo

ඉන්ජස්ට්‍රි වතුයායේ තවත් 30කට කොවිඩ්

14 May 2021

මේ වනවිට හුදකලා කර ඇති නෝ(ර්)වුඩ් , ඉන්ජස්ට්‍රි වතු ප්‍රදේශයෙන් නව කොවිඩ් ආසාදිතයින් 30 දෙනෙකු හඳුනාගෙන ඇත. හුදකලා කර ඇති නොර්වුඩ් ඉන්ජස්ට්‍රි වතු යායෙන් මීට ප්‍රථම අසාදිතයන් 56 දෙනෙකු හදුනා ගෙන ඇති බව බගවන්තලාව මහජන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරික්ෂක කදිරවේල් ජේ ගනේෂ් මහතා පවසයි. ඉන් අනතුරුව එම ප්‍රදේශයෙන් ලබා ගත් පී.සි.ආර් පරීක්ෂණ 200 කින් මෙම නව ආසාදිතයින් පිරිස හඳුනා ගත් බව මහජන පරීක්ෂකවරයා සඳහන් කරයි. බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල බල ප්‍රදේශයෙන් මේ වන විට කොවිඩ් 19 වෛරසය අසාදනය වු අසාදිතයන් 281 දෙනෙකු හමු වි ඇත.
 

More News..