brand logo

ඉදිරි සති කීපයේ කොරෝනා රෝගීන් තවත් වැඩිවිය හැකියි

01 April 2020

මෙරට සිටින කොවිඩ් - 19 ආසාදිතයන් හඳුනාගැනීම සඳහා සැක කටයුතු සියලු දෙනාම තව තවත් රසායනාගාර පරීක්ෂණයන්ට ලක් කිරීම වෛරසය මැඩ පැවැත්වීම සඳහා ඇති එකම මග බව වෛද්‍ය විශේෂඥයෝ පවසති. ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ හිටපු සභාපතිවරයකු වූ රුවයිස් හනීෆා ඇතුළු කොළඹ විශ්වවිද්‍යාලයේ විශේෂඥයන් පිරිසක් පෙන්වා දෙන්නේ සැක කටයුතු පුද්ගලයන් සහ ආසාදිතයන් ළඟින් ඇසුරු කළ පුද්ගලයන් සියලු දෙනාම අනිවාර්ය රසායනාගාර පරීක්ෂාවන්ට ලක් කළ යුතු බවයි. විදෙස් රටවල සංඛ්‍යා ලේඛන සමග සසඳන විට ඉදිරි සතියක කාලය ඇතුළත මෙරට රෝගීන්ගේ සංඛ්‍යාවද සැලකිය යුතු ලෙස ඉහළ යනු ඇතැයිද ඔවුහු අනතුරු අඟවති. ‘‘සිංහල හා දෙමළ අලුත් අවුරුදු සමයේදී අසල්වැසි නිවාස කරා යෑමට ජනතාව කටයුතු කළහොත් මෙම තත්ත්වය තවදුරටත් පාලනය කළ නොහැකි තත්ත්වයක් වනු ඇති’’ යනුවෙන්ද ඔවුහු ප්‍රකාශ කරති.   නයන තරංග ගමගේ
 

More News..