brand logo

ඉදිරි විදුලි කප්පාදුව ගැන විශේෂ නිවේදනයක්

04 December 2021

විදුලිය සීමා කරන වේලාව මණ්ඩලය දැනුම් දෙයි

ඇනහිට තිබු විදුලිය සහ ජල සැපයුම මේ වන විට සම්පුර්ණයෙන්ම යථා තත්ත්වයට පත්කර තිබේ. ප්‍රධාන සම්ප්‍රේශන මාර්ගයේ හටගත් දෝෂයක් හේතුවෙන් ඊයේ(03) පෙරවරු 11.30ට පමණ දිවයින පුරා විදුලිය බිඳ වැටුණි. පැය 06කට පමණ පසුව විදුලි සැපයුම යථා තත්ත්වයට පත් කිරීමට පියවර ගැණුන ද පද්ධතියේ පැවති අසමතුලිතතාව හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට ඊයේ රාත්‍රී වන තුරුත් නිසි පරිදි විදුලි සැපයුම සිදුවුයේ නැත. ඊයේ මධ්‍යම රාත්‍රීය වන විට විදුලි සැපයුම සම්පුර්ණයෙන්ම යථා තත්ත්වයට පත් කිරීමට හැකි වූ බව විදුලිබල මණ්ඩලය සඳහන් කළේය. සියලු ග්‍රීඩ් උපපොළ මේ වන විට සම්ප්‍රේශණ කටයුතු සිදුකළ ද නොරොච්චෝලේ බලාගාරය තවදුරටත් අක්‍රීයව පවතී. අද (04) උදෑසන නොරොච්චෝලේ බලාගාරයේ මෙගාවොට් 300ක ධාරිතාවක් ජාතික විදුලිබල පද්ධතියට එක් කිරීමට බලාපොරොත්තු වන අතර සෙසු මෙගාවොට් 600 ජාතික විදුලිබල පද්ධතියට එක් කිරීමට තවත් දින තුනක් පමණ ගත වනු ඇති බව විදුලිබල මණ්ඩලය සඳහන් කළේය. මේ හේතුවෙන් ඉදිරි දින කිහිපය තුළ දිවයිනේ බොහෝ ප්‍රදේශවලට පැය කිහිපයක විදුලි කප්පාදුවක් සිදුවිය හැකි බව ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කළේය. ඒ අනුව ඉදිරි දින හතර තුළ දිවයිනේ ඇතැම් ප්‍රදේශ වලට සවස 6.00 සිට රාත්‍රීඅ 9.30 දක්වා පැයක කාලයක් විදුලිය සීමා කරන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසා තිබේ.
 

More News..