brand logo

ඉදිරි මැතිවරණවලදී මෛත්‍රී පොළොන්නරුවෙන් පාර්ලිමේන්තුවට

20 July 2019

එළැඹෙන ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන පොදුජන පෙරමුණු අපේක්ෂකයාට සහාය පළ කොට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉදිරි මහ මැතිවරණයේදී පොළොන්නරුව දිස්ත්‍රික්කයේ අපේක්ෂකයකු ලෙස තරග කළ යුතු බවට ශ්‍රීලනිපයේ අභ්‍යන්තර සාකච්ඡාවක් ආරම්භ වී තිබේ. ශ්‍රීලනිපය හා පොදුජන පෙරමුණු සන්ධාන ගත වුවද එහි ජනාධිපති ධුර අපේක්ෂකත්වය හෝ ඉදිරි අගමැති ධුරය මෛත්‍රීපාල සිරිසේනට නොලැබීමේ අවදානම අදාළ සාකච්ඡාව ආරම්භ වීමට හේතුවී ඇත. උද්ගත වී ඇති තත්ත්වය තුළ අදාළ යෝජනාව ඉදිරි ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාවට ඉදිරිපත් කිරීමට නියමිත බවද වාර්තා වේ. ඉදිරියේදී පිහිටුවනු ලබන ආණ්ඩුවේ මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍ය ධුරය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට ලබාදිය යුතු බවට ඉල්ලීමක් ශ්‍රීලනිප පොදුජන පෙරමුණු 7 වන සාකච්ඡාවට ඉදිරිපත් කිරීමට නියමිත බවද ශ්‍රීලනිප අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි. මේ පිළිබඳව කළ විමසීමකදී ශ්‍රීලනිප මහලේකම් දයාසිරි ජයසේකර පැවසුවේ ඉදිරියේදී සාකච්ඡා කිරීමට නියමිත කරුණු පිළිබඳව කිසිවක් ප්‍රකාශ කළ නොහැකි බවයි. රංජිත් ගුණවර්ධන
 

More News..